ජලය වැඩි ප්‍රමාණයක් පානය අපගේ සිරුරේ යහපත් සෞඛ්‍ය තත්වයට ඉතාම හිතකර වේ.නමුත් අයිස් වතුර පානය කිරීම සුදුසු නැත.
එහි ඇති අධික ශීත උෂ්ණත්වය නිසා සිරුරේ ප්‍රවර්තන ශක්තියට බලපෑම් ඇති කරනවා.
ඇයි ඔබ අයිස් වතුර පානය නැවැත්විය යුත්තේ …..?
ඔබ අයිස් වතුර බොන විට ඔබේ සම හා රෝම කූප ස්වාභාවික තත්වයට වඩා බුරුල් වෙනවා.මෙය සමට පමණක් නොව ආහාර ජීරණ පද්ධතියටද බලපානවා.මෙයින් සිරුරේ රුධිරය ගමන් කරන නහර හැකිලෙනවා.ආහාර දිරවීම සීමා කරනවා.
සිරුරේ සජලනය සීමා කරනවා.පිපාසය වැඩි කරනවා.ඔබ කෑම වේලකට පසු අයිස් වතුර පානය කරන්නේ නම් ඔබේ සිරුර තුළ සෙම අධිකව සාදනවා. එය ඔබගේ ස්වසන පද්ධතියට හානි කරනවා.කෑම කන අතරතුර අයිස් වතුර පානය කිරීමෙන් මේදය තැන්පත් කිරීම හා ආහාර දිරවීම අපහසු කරනවා.
ඔබගේ අක්මාවටද මින් හානි සිදු වේ.
ඇයි ඔබ උණු වතුර පානය කල යුත්තේ ….?
උණු වතුර පානය කිරීමෙන් ඔබේ පිපාසය නිවෙනවා පමණක් නොව තවත් වාසී රැසක් තිබෙනවා.
උණු වතුර පානය කිරීමෙන් සිරුරේ සජලන තත්වය වැඩි කරනවා.ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය යහපත් ලෙස සිදු වෙනවා.සම උදැසනකම උණුසුම් ජලයට දෙහි යුෂ දමා පානය කිරීමෙන් සිරුරේ විෂ ඉවත් වේ.මෙමගින් ඔබගේ ශරීර සෞඛ්‍ය ,අක්මාව හා උදරය සම්බන්ධ ගැටළු මග හරවනවා.
Subscribe to:
Post Comments
(
Atom
)

0 Response to " dfhgnbfg gdh fhfghfg jf "
Post a Comment